ජනවිකාස තොරතුරු
ජනගහන
37,418
ඝනත්වය
95 පුද්ගලයන් / කි.මී
ප්‍රාදේශීය සභා පරිපාලන ප්‍රදේශය
394 ව.කි
ශ්‍රී ලංකාවේ නූතන පළාත් පාලන ආයතනවල ආරම්භය වසර 2500 ක් පමණ අතීතයකට දිවෙන ආගමික, සංස්කෘතික හා සාමාන්‍ය ජන ජිවිතය වටා ගොඩනැගුණු පාලන ක්රමයකි. ක්‍රිස්තු පූර්ව 04 වන සියවසෙහි පණ්ඩුකාභය රජුගේ පාලන සමයෙහි අනුරාධපුර රාජධානිය පිහිටුවීම පළාත් පාලන ක්‍රමයක් යටතේ සිදුකර ඇති බව පෙනේ. එහිදී පණ්ඩුකාභය රජු විසින් ගම්බාර, ගාමිණි වැනි නිළධාරීන් පත්කර ඇත. ක්‍රිස්තු පූර්ව 02 වන සියවසේ තඹගල්ල සෙල් ලිපියෙන්ද, 10 වන සියවසේ තුන්වන උදය රජු විසින් පිහිටවූ ටැම් ලිපියද, වේවැල්කැටිය සෙල්ලිපියද අතීතයේ පැවති පළාත් පාලන ක්‍රමවේදය පිළිබඳ තොරතුරු සනාථ කර ගැනීමට ඇති සාක්ෂි ලෙස දැක්විය හැකිය. මහනුවර සහ කෝට්ටේ රාජධානි පැවති සමයේද පළාත් පාලන ක්‍රමය මහජන සම්මතයකට අනුව පවත්වා ඇති බව රාජසිංහ රජුගේ මල්වාන ගිවිසුමෙන් හා රොබට් නොක්ස් මහතාගේ එවකට පැවති ශ්‍රී ලංකාව පිළිබඳව ලියූ “එදා හෙළදිව”ග්‍රන්ථයෙන් සනාථ කර ගත හැකිය.
එකල ශ්‍රී ලංකාව තුල පැවති පළාත් පාලන ක්‍රමය ගම් සභා ක්‍රමයයි. මෙම සභාව මගින් වාරිමාර්ග, කෘෂිකර්මය, ඉඩම් පරිහරණය, සත්ත්ව පාලනය, ආරවුල් විසඳිම, දඬුවම් කිරීම, කුඩා වැව් නිර්මාණය, ජල පාලනය, කැලෑ ආරක්ෂාව, රජුගේ අයබදු රැස් කිරිම හා බරපතළ වරදකරුවන් ඉහල නායකයන් වෙත ඉදිරිපත් කිරිම වැනි කාර්යයන් රැසක් ඉටු කර ඇත. අත්දැකිම් බහුල අයවලුන්ගෙන් සමන්විත ගම්සභාව ගමෙහි ඇති ගස් සෙවණක හෝ පොදු ස්ථානයකට රැස්ව පවත්වන ලදී. එවකට පැවති සේවා රාජකාරී ක්‍රමය මගින් සේවා සැපයීමේදී ගමෙහි ප්‍රධානියා හා මහජනයා අතර ඇතිවූ ගැටළු නිරාකරණය කර ගැනිමද ගම් සභාවේ ප්‍රධාන කාර්යයක්ව පැවතිණි. අතීතයේ පැවති රාජකාරි ක්‍රමය මහජනයාට ගැටළුවක් නොවූ අතරම, පාලකයින් ද මහජන සුභ සිද්ධිය උදෙසාම තම සේවා සැපයීමට කැපවී සිටියේය.
පෘතුග්‍රීසි හා ලන්දේසි යන බටහිර ආක්රමණයන්ට පසුව ඉංග්‍රීසින් මෙරටට පැමිණියහ. එතෙක් ලන්දේසින්ගේ පාලනය සතුව තිබූ ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ 1796 පෙබරවාරි මස ඉංග්‍රීසින් යටත් කර ගැනීමත් සමගම මෙරට තුල බි්රතානය යටත් විජිතයක් බවට පත්කරගන්නා ලදි.
ඉංග්‍රීසින් විසින් 1815 දී ශ්‍රී ලංකාව බි්රතාන්ය යටත් විජිතයක් බවට පත්කර ගත්තද එකල සිංහල සමාජයේ පැවති එකමුතුභාවය හේතුවෙන් රාජ්‍ය පාලනය ඉතා අසීරු විය. එම සමඟිය බිඳ දැමීම සඳහා ශ්‍රී ලංකාව තුල පැවති සම්ප්‍රධායික පළාත් පාලන ක්‍රමය 1818 දී අහෝසි කර දැමීමට කටයුතු කළේය.
ඉංග්‍රීසින් විසින් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රධායික පළාත් පාලන ක්‍රමය අහෝසි කිරීම හේතුවෙන් මෙරට පාලනයට දේශපාලන හා විශාල ආර්ථික කඩා වැටීමටක මුහුණ දීමට සිදුවිය. ඒ පිළිබඳ කරුණු සොයා බලා නිර්දේශ ඉතිරිපත් කිරීම කොල්බෲක් සාමිවරයාට පැවරිණි. 1833 කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය යෝජනා මාලාවේ වැදගත්ම නිර්දේශය වන්නේ ගම්සභා ක්‍රමය නැවත අඛණ්ඩව පවත්වාගෙන යෑමයි. 1865 දි මහනගර සභා ආඥා පනත සම්මත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ බලය විමධ්‍යගත කිරිම සිදුවී ඇති බව වටහා ගත හැකිය. ඒ අනුව 1865 දී කොළඹ හා 1866 දී මහනුවර යන ප්‍රධාන නගරතුල මහනගර සභා ස්ථාපිත කර ඇත.
ශ්‍රී ලංකාව තුළ ගම්සභා ක්‍රමය නැවත 1871 දී ස්ථාපති කරන ලදී. 1871 දී පනවන ලද ආඥා පනතක් මගින් සුළු ආරවුල් විසඳීම, ගොවිතැන් හා වාරිමාර්ග පිළිබඳ ගැටළු විසඳීම, සෞඛ්‍ය හා ආරක්ෂාව ලබාදීමවැනි විෂයන් ගම් සභා වෙත පවරාදෙන ලදී. ඩොනමෝර ආණ්ඩුක්රමය ප්රතසංස්කරණයෙන් පළාත් පාලන කටයුතු සඳහා විධායක කාරක සභාවක් පිහිටුවිය. ඒ මගින් ගම් සභාවල බලතල වඩාත් පුළුල් විය.
බි්රතාන්ය පාලන යුගයේ ආරම්භ වූ වැවිලි ආර්ථිකයක් සමඟ ඒවායේ සංවර්ධනය සඳහා යටිතල පහසුකම් සංවර්ධනය කිරිම අවශ්‍ය විය. ජන සංඛ්‍යා වර්ධනය, නාගරීකරණය, ජනතාවට අවශ්‍ය සුභ සාධන සේවා සැපයීමේ අවශ්‍යතාව වැඩිවීම වැනි හේතු සාධක ද බි්රතාන්ය පාලන යුගයේදී විධිමත් පළාත් පාලන ආයතන පද්ධතියක් බිහිවීමට හේතුවිය. ඒ අනුව බි්රතාන්ය පලාන යුගයේ පනවන ලද ආඥා පනත්, පළාත් පාලන ආයතන බිහිවීමට මෙන්ම ඒවායේ ක්රමික විකාශනයටද බලපෑවේය.
නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ පහත සඳහන් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක විය. 1. ගම්සභා 2. සුළු නගර සභා 3. නගර සභා 4. මහනගර සභා 1980 අංක 35 දරණ දිස්ත්‍රික් සංවර්ධන පනත මගින්, ■ ගම්සභා , සුළු නගරසභා අහෝසි කර දිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටුවීමත්, ■ දිස්ත්‍රික් සංවර්ධන සභාවල සහභාගීත්වය වැඩිකිරීමට ග්‍රාමෝදය මණ්ඩල හා ප්‍රාදේශීය මණ්ඩල පිහිටුවීමත් සිදුකරන ලදී. ■ 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත මගින් දිස්ත්‍රික් සංවර්ධන සභා අහෝසිකර ප්‍රාදේශීය සභා පිහිටුවන ලදී. ■ 1987 න් පසුව ශ්‍රී ලංකාවේ. ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා යන පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වේ.